පාසල් ගුරුවරුන් සදහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු 29 වනදාට පෙර ලබා දී පාසල් ක්‍රමයෙන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා පෙර සූදානමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු දෙනාට සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛය නිකුත්කල බවයි.
අද දිනය වන විට පාසල් ගුරුවරුන්ගෙන් සියයට 85ක ප්‍රමාණයක් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති බවද ජී එල් පීරිස් මහතා මෙහිදී සදහන් කළා.