ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව විසඳාලීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරෝධයක් පළ කර නැතැයි එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.
කෙසේ වෙතත් ගුරු වැටුප් ගැටලුව ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව විසඳාලිය යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ.