ගුරුවරුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි වැටුප් ප්රශ්නය විසඳීමට රජය පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය පත් කළ අමාත්‍ය අනුකමිටුව පසුගිය දින කිහිපය තුළ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත් බවද මහින්ද අමරවීර මහතා සදහන් කළා.
ගෑස් මිල සහ ගෑස් හිගය සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා අදහස් දැක්වූවා.
රාජ්‍ය අංශයේ ගෑස් සමාගම ගෑස් මිල තවත් වැඩිකිරීමට කටයුතු නොකරන්නේ ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතා සැළකිල්ලට ගෙන බවයි මහින්ද අමරවීර මහතා එහිදී කියා සිටියේ.