ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරාමේ සිද්ධීන් 6ක් පසුගිය දින කිහිපයේදී වාර්තවීම සහ මේ හරහා මහජනතාව මුහුණදී ඇති අනාරක්ෂිත තත්වය පළිබඳව අද (27) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ අවධානයට යොමුකළා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ අනාරක්ෂිත තත්වය විසඳීමට වහා මැදිහත්වන ලෙසයි එහිදී මන්ත්‍රිවරුන් ඉල්ලා සිටියේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන – සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන කින්ස් නෙල්සන් – චමින්ද විජේසිරි – හේෂා විතානගේ සහ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්ධුල ගුණවර්ධන යන මහත්වරුන් ගෑස් සිලින්ඩර අනාරක්ෂිත තත්වය පිළිබඳ මෙලෙස අදහස් දැක්වුවා.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාම සම්බන්ධයෙන් පවතින අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.