ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
මින් ඉහතදී සමාගම මගින් වෙළඳපලට නිකුත් කරන ලද නිල් සහ කලු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතුකිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගතවීම හමුවේ නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමගම පෙන්වා දෙන්නේ.
ඉදිරියේදී ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපාංග ආනයනය සඳහා පියවර ගෙන ඇති බවත් ඒ අනුව ප්‍රමාදයකින් තොරව ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් එම සමාගම පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනවා.
ඊයේ දිනය වනවිටත් දෛනික අවශ්‍යතාව සඳහා ගෑස් නෞකා දෙකක් පිරවුම් සංකීර්ණය වෙත භාගත කර ඇති බවයි ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ වනවිටත් දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 30 දහසත් – 40 දහසත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදා හරින බවත් එම සිලින්ඩර් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ ප්‍රමිතීන්ට සහ අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කෙරෙන බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.