අලෙවි නියෝජිතයන් සතු හා නිවාසවල ඇති ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද පියවර වශයෙන් දැනුම් දෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ගෑස් භාවිතයේදි පෙරට වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ගෑස් ආශ්‍රීත සිද්ධින් පිළිබද සොයා බැලිමට මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව තවත් සතියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.