ගෑස් පිපිරීම්වලට හේතුව එහි සංයුතිය සියයට 50 බැගින් අඩුකර ඇති බවට වන චෝදනා පිළිගත නොහැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙයට සැබෑ හේතුව ඉදිරි දින කිහිපයේදී හදුනාගත හැකිවනු ඇති බවයි.
සිය නිවෙස්වල ගෑස් පිපිරීම් හරහා පීඩාවට පත් වූ ජනතාවට ගෑස් සමාගම් හරහා වන්දි මුදලක් ලබාදීමට බලාපොරොත්තු වන බවද එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා.
වෙළදපොලේ එලවලු මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.
එළවලු බෙදාහැරීමේ ක්‍රියාවලියේ හදුනාගත් යම් කරුණක් නිසා මෙලෙස එලවලු මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු සදහන් කළේ.