පවතින ගෑස් ගැටලුව ඉදිරි සති තුනක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් විසදා ගැනීමට හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඇඹිලිපිටියේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හැකි ඉක්මනින් රජයේ මැදිහත්වීමකින් ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින බිය තුරන් කිරීමට කටයුතු කරන බවයි.