වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධව අද ක්‍රියාත්මක කළ විරෝධතාවයට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් බහුතරයක් සහභාගී නොවු බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විසන්ධි විමකින් තොරව අඛන්ඩව විදුලිය සැපයිමටද අද දිනයේදි හැකියාවක් ලැබුණු බවයි.
ඉන්ධන / ගෑස් හා කිරිපිටි මිළ ඉහල නැංවිම රජය කැමැත්තෙන් කළ ඒවා නොවන බවද ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කළා.
යුගදනවි බලාගාර ගිවිසුම පිළිබද විපක්ෂය මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස්ද අසත්‍ය මත සමාජගත කිරිමේ උත්සහයක නිරත වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.