ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව වාර්තාවන අනතුරු සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරින් ඇතුලු සියල්ලන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය අද (07) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොණු කළා.
මහජනතාවගේ ජීවිත අවදානමට ලක්කරමින් ගෑස් ප්‍රමිතිය වෙනස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.