ශ්‍රී ලංකාවට මින් ඉදිරියට ආනයනය කෙරෙන ගෑස්වල මිල, තී තීරණය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ගෑස් මිළ නියාමනය සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත්වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් දෙකටම මෙය අදාල වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.
පා පැදි හා කුඩා වාහන සදහා අවශ්‍ය අමතර කොටස් ආනයනය සදහා පණවා ඇති තහනම පිළිබද ලිහිල් ප්‍රතිපත්තියක් ඉදිරියේදි අනුගමනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියා.
සෑම භාණ්ඩයක් සදහාම උපරිම සිල්ලර මිළක් නියම කළ යුතු බවට දක්වා නිකුත් කල ගැසට් නිවේදනය සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පලවුනා.
විවෘත ගිණුම් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අද සිට අවසර හිමිවු අතර එය වෙළෙද අමාත්‍යාංශයේ නියාමනයට යටත් වන බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
පාළන මිළට සහල් අලෙවි නොකරන වෙළෙදුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.