කොළඹ ගෑස්පහ හන්දියේ වේල්ලවීදිය පොලිසිය අසල තට්ටු තුනකින් යුත් ව්යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ගින්න නිවීම සදහා වරාය අධිකාරියේ සහ ගුවන් හමුදාවේ සහය ඇතිව ගිනි නිවීමේ රථ 06 ක් පමණ යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ වන විට ගින්නේ පැතිරයාමක් නොමැති බවයි ගිනි නිවීමේ ඒකකයේ නිළධාරියකු නිවුස් රේඩියෝවට සදහන් කළේ.
ගින්න හේතුවෙන් මේ දක්වා කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.