ගාලූමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයෙන් මහජන පීඩා සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා.
පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙපාර්ශවයේ එකගත්වය මත මෙම නඩුව ලබන 10 වැනිදා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.