ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටිය අසල ආරම්භ කෙරුණු විරෝධතාවය අඛන්ඩව අද 19 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් අරලියගහමන්දිරය අසල ආරම්භ කෙරුණු විරෝධතාවයද අදත් ක්‍රියාත්මක වනවා.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ පුරහල ප්‍රදේශයේ නිහඩ විරෝධතාවයක් සංවිධාන කර ඇති බවයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නිවේදනය කලේ.