ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් කොළඹ ගාලූ මුවදොර අසළ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හයවන දිනටත් ක්‍රියාත්මකයි.
අදත් විශාල පිරිසක් එහි විරෝධතාවයේ යෙදී සිටින අතර අලුත් අවුරුදු දිනය නිමිත්තෙන් එහි විශේෂ ක්‍රියාකාරකම් රැසක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
මෙම විරෝධතාව සදහා පසුගිය දිනවලදී කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයක්ද දක්නට ලැබුනා.