ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ගාමිණි ලොකුගේ සහ සරත් වීරසේකර අමාත්‍යවරුන්ගේ ක්‍රියා හේතුවෙන් ඇතිවූ කලකිරීම් මත තමන් මෙම තීරණය ගත් බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ජගත් කුමාර මහතා දැනුම් දුන්නේ.
පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධූරයේ තවදුරටත් කටයුතු කළහොත් තම ජීවිතයටද අනතුරක් විය හැකි තත්වයක් ඇති විය හැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.