ගල්ගමුව ප්රදේශයේ නිවසක තිබී මළ සිරුරු 03 ක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ 28 හැවිරිදි විවාහක කාන්තාවක / ඇයගේ 10 හැවිරිදි පුත්රයා සහ ඇය සමග අනියම් සබඳතාවක් පැවැත්වූ 28 හැවිරිදි තරුණයෙකුගේ සිරුරු මෙලෙස අද උදාසන හමුවී ඇති බවයි.
අදාළ තරුණයාද එම ප්රදේශයේම පදිංචි අයෙකු වනවා.
ඊයේ රාත්රියේ සිදුවූ කිසියම් බහින් බස්වීමක් හේතුවෙන් එම තරුණයා කාන්තාව හා දරුවා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
කෙසේවෙතත් මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මරණවලට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කලා.
වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ ගල්ගමුව පොලිසියයි.
