ගර්භණී මව්වරුන් සේවයට කැඳවීම සීමා කිරීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි.
ඉදිරි මාසයේදී වයස අවුරුදු 30 ට වැඩි සෑම අයෙකුටම එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දීම රජයේ ඉලක්කය බව අමාත්‍යවරිය කියාසිටියා.