ගමන් බලපත්‍ර නිවසේ සිට අයදුම් කර ලබාගැනීමේ ක්‍රමවේදය ජූනි මස පළමු දෙසතිය තුළ ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.
එම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග දින තුනකින් හෝ දෙසතියකින් ගමන් බලපත්‍ර ලබා ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවන බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා කියාසිටියේ.