අඛණ්ඩව 02 වන දිනයටත් ශ්‍රී ලංකාවෙන් දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවා වාර්තා වුණා.
ඒ පෙරේදා දිනයේදී සිදුවූ මරණ 155 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ ගණන 5775 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ තහවුරු කල මරණ අතුරින් 111 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 41 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා. වයස අවුරුදු 30 ට අඩු මරණ 03 ක්ද ඊයේ මරණ අතරට අයත්.
මේ අතර ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාධිතයන් 3000 ඉක්මවා වාර්තා වුණා. ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිතයන් 3152 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 03 ලක්ෂ 48 දහස් 270 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 38 දහස් 022 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 4628 දක්වා ඉහළ ගියා.