දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කට ඇතිවූ ගංවතුර තත්වයේ අඩුවීමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
කෙසේ වෙතත් තවදුරටත් වර්ෂාපතනය බලාපෙරොත්තු විය හැකි බැවින් කලුගග දෙපස ජනතාව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.