පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛණිජ තෙල් විශේෂ විදිවිධාන සංශෝධිත කෙටුම්පතට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමති කාංචන විජේසේකර කියයි.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.
ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවය.
