කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෲනාල් පාණ්ඩ්‍යාගේ සමීප ආශ්‍රිත ක්‍රීඩකයන් 08 දෙනාම කොවිඩ් ආසාධිත නොවන බවට හෙළිවී තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ.
කෙසේවෙතත් මෙම ක්‍රීඩකයන් 08 දෙනාට අවසන් පන්දුවාර 20 තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
කෲනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හුදකලා කර පරීක්ෂණවලට ලක් කෙරුණා.
ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතවූ දෙවන පන්දුවාර 20 තරගයද අද දිනය දක්වා කල් දැමීමටයි පියවර ගැණුනේ.
මේ අනුව 02 වන පන්දුවාර 20 තරගය අද දිනයේත් 03 වන තරගය හෙට දිනයේදීත් පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජෛව ආරක්ෂණ බුබුලු පිළිබඳ ප්‍රධානී මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ජෛව ආරක්ෂණ බුබුළ කිසිදු ආකාරයකින් බිඳී ගොස් නැතැයි තහවුරු කල හැකි බවයි.
එසේ තිබියදී කෲනාල් පාණ්ඩ්‍යාට වෛරසය ආසාධනය වූයේ කෙසේදැයි යන්න ගැටලු සහගත වී තිබෙනවා.
