අද වනවිට දුම්රිය සේවය සහ අන්තර් පළාත් බස්රථ සේවාව අත්හිටුවා ඇත්තේ කොවිඩ් වසංගතය නිසා නොව ඉන්ධන අර්බුදය නිසා බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙනවා.
අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙනයාමට පවා මුදල් නොමැති අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී ඇති බවයි ආණමඩුව ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ.
රට මුහුණ දී ඇති බරපතල අර්බුදයට කෙටිකාලීන සහ දිගුකාලීන විසදුම් සෙවිය යුතු වුවත් එවැනි විසදුම් සොයන ආකාරයක් දක්නට නොමැති බවටද තිස්ස අත්තනායක මහතා මෙහිදී ආණ්ඩුවට චෝදනා කර සිටියා.
ගොවිජනතාව මුහුණදී ඇති පොහොර අර්බුදය පිළිබදවද තිස්ස අත්තනායක මහතා මෙලෙස අදහස් දැක්වුවා.