පොදු ව්‍යාපාර කාරක සභාව(COPE), රාජ්‍ය ගිණුම් කාරක සභාව(COPA), මහජන පෙත්සම් කාරක සභාව යන කාරක සභාවන්හි බලතල වැඩි කෙරෙන පරිදි, රජය වෙනුවෙන් තමන් ස්ථාවර නියෝගවලට ගෙන ආ සංශෝධන, ඊළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී 2022.06.10 දින කතා කරමින් ඔහු කියා සිටියේ, මෙය සමස්ත පාර්ලිමේන්තුව ම ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු බවය. මෙම සංශෝධනයන්ට පක්ෂ නායකයන්ගේ මූලික එකඟතාව ලැබී ඇති අතර, පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු, වාර්තාවක් ඉදිරිපත් වීමෙන් නොනැවතී එහි නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමේ බලතලද එම කාරක සභාවලට ලැබෙන බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු 2022.06.10 පාර්ලිමේන්තුවේදී මෙසේද කීය.
” ගරු නියෝජ්‍ය කථානායකතුමනි,
මෙම කොප් වාර්තාව මුද්‍රණය කළ යුතු යැයි මම යෝජනා කරනවා.
ඒ වගේම විරැද්ධ පක්ෂ සංවිධායකතුමා සඳහන් කරපු කාරණාව, ඔබතුමත් සහභාගි වුණූ පාර්ලිමේන්තු කාරක සභාවේදී, අපි සාකච්ඡා කරලා, ස්ථාවර නියෝග කෝප්, කෝපා, මහජන පෙත්සම් කාරක සභාව සම්බන්ධයෙන් ඇති බලතල වැඩි කිරීමට සාකච්ඡා කර එකඟතාවකට ආවා. ගරු අගමැතිතුමත් සමඟත් කලින් සාකච්ඡා කළා. බලතල වැඩි කිරීමටත් එයින් නිකුත් වන වාර්තාවල් ගැන කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවට වගේම කෝප් කමිටුවටත් අතිරේක බලතල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම නීතිපති වෙතද යැවීමට අපි එකඟතාවය පළ කළා. ඒ අනුව ස්ථාවර නියෝග සඳහා අදාළ සංශෝධන, ගරු කථානායකතුමා ඊළඟ සභා වාරයේදී ඉදිරිපත් කරන ලෙස මට උපදෙස් දුන්නා කෙටුම්පත සකස් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයක් ලෙස අපි දෙපාර්ශවයම හා සියලු දෙනා සලකමු.
අගමැතිතුමාත්, ජනාධිපතිතුමත් ඒකට කැමති වුණා. ඒකට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ”
මෙම කාරක සභාවල සභාපති ධුරය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
” කෝප්, කෝපා කාරක සභාඇතුළු ගරු කථානායකතුමා මූලාසනය නොදරන කාරක සභා සියල්ලෙහිම සාම්ස්ස්ජිකයන් විසින් තමයි පත් කර ගන්නේ තම සභාපතිවරයා. ඒ අනුව විරුද්ධ පක්ෂය හැමවිටත් සඳහන් කළා කවුරු සභාපති වුණත්, සභාපති වුණාට පස්සේ කිසිම ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයේ සභාපති කියලා නෙවෙයි ඔහු සිටින්නේ. ඔහු මුළු පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය ආයතන සියල්ලට නායකත්වය දෙන සභාපති ලෙස කටයුතු කර තිබෙන බව දෙපාර්ශවයේම මන්ත්‍රීවරු පිළිගෙන තිබෙනවා. නමුත් අයි යම් යම් වෙනස්කම් කරනවා. ඒකයි සඳහන් කළේ අපි ඒ සංශෝධනය ගෙන එනවා මීළඟ සභා වාරයේදී. “