කොළඹ නගරයේ ඉදිකොට තිබෙන ස්ථිර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදීයෙකු වන හේමන්ත විතානගේ විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා – කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා – කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, පොලීසිය විසින් කොළඹ කොල්ලූපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකර තිබෙන ස්ථිර මාර්ග බාධක හේතුවෙන් පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වන බවයි.
ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ ඉදිකර තිබෙන ස්ථිර මාර්ග බාධක වහා ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.