කොළඹ නගරයේ ස්ථාන 03 කින් අද දිනයේදී මළ සිරුරු හමුවුණා.
වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු තීරයෙන් පිරිමි මළ සිරුරු 02 ක් සොයාගනු ලැබුවා.
පොලිසිය පැවසුවේ මූලික පරීක්ෂණවලින් අනතුරුව ඒවා කලූබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවයි.
අදාළ මළ සිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ත් 55 ත් අතර වන දෙදෙනෙකුයි.
මේ අතර කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල ඇළ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඔහු කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි තහවුරු වී ඇත්තේ.
මළ සිරුර සම්බන්ධයෙන් වැල්ලවත්ත – බම්බලපිටිය සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථාන විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
