කොළඹ මහ නගර සභාව වෙත 2021-02 වන කාර්තුව සඳහා වරිපණම් බදු ගෙවීමේ අවසන් දිනය ලබන 31 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
එදින දක්වා වරෙන්තු ගාස්තු ගෙවීමකින් තොරව වරිපණම් බදු ගෙවිය හැකියි.
එදිනට පසු කරන ගෙවීම් වෙනුවෙන් නේවාසික දේපළ සහ මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපණම් බදු වටිනාකමින් සියයට 15 ක්ද සෙසු දේපළ සඳහා සියයට 20 ක්ද වශයෙන් වරෙන්තු ගාස්තු අය කෙරෙන බවයි කොළඹ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
