කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ද ඇතුළුව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වනවිට ස්ථිර වශයෙන් වසා දැමීමට තීරණය කර ඇත.
අද (09) දින නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, යුරෝපයේ සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන නෝර්වේජියානු තානාපති කාර්යාල කිහිපයක් සවිගැන්වීමද ඊට ඇතුළත් වේ.
නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමූවද දෙරට අතර මිත්‍රශීලී හා ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය ඉදිරියටත් කැපවී කටයුතු කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.
