කොළඹ මහ නගර සභා සීමාවේ පාසල් ආශ්රිත කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල නොවැම්බර් 16 වනදා වන විට අවසන් කිරීමට හැකි බව පාසල් සෞඛ්‍ය කාර්යාලයේ ආයතන භාර නිළධාරි වෛද්‍ය ටී එම් ජයලත් මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ මහ නගර සභා සිමාවේ පාසල් දරුවන් අතුරින් සියයට හැටකට වැඩි පිරිසක් මේ වන වනවිට එන්නත්කරණයට ලක්කර ඇති බවයි.