කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ දී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
ඒ අනුව අද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09 ක කාලයක් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලා.