කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය – මොරගස්මුල්ල – රාජගිරිය – නාවල පාර සහ විවෘත විශ්ව විද්‍යාලය දක්වා සම්බන්ධිත අතුරු මාර්ග ඊට අයත්.
කොළොන්නාවේ සිට පැමිණෙන ප්‍රධාන ජල නල පද්ධතියේ හටගත් දෝෂයක් මීට හේතුවයි.
අද පෙරවරු 10 පමණ වනවිට ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ.
