මේ වනවිට කොළඹ නගරය තුළ වාර්තා වන කොවිඩ් 19 ආසාධිතයන්ගෙන් සියයට 75 ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිකුත් කල ට්විටර් පණිවිඩයක එය සඳහන්.
ජූලි පළමු සතියේ කොළඹින් වාර්තාවූ ඩෙල්ටා ආසාධිතයන් ප්‍රතිශතය සියයට 19 ක් පමණ වුවද පසුගිය සතියේදී එය සියයට 75 ඉක්මවා ගොස් තිබෙනවා.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අතිශයින් සැලකිලිමත් විය යුතු බරපතළ තත්ත්වයක් බවටයි.
This is the Delta variants ultrafast spread in Colombo. 1st week 19.3% : Last week > 75% ; based on our variant PCR in our lab. pic.twitter.com/L8NGgSG3Cc
— Chandima Jeewandara (@chandi2012) August 5, 2021
