කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට අද රාත්‍රී 11.00 සිට හෙට පස්වරු 3.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම කාලය තුළ කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කලා.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ සංවර්ධන කටයුත්තක් මීට හේතුවයි.
