කොළඹ 09-10-11-12-13 හා 14 යන ප්‍රදේශවලට අද රාත්‍රී 11 සිට පැය 09 ක කාලයක් ජලය කප්පාදු කෙරෙනවා.
හෙට පෙරවරු 8 ට ජල සැපයුම යථාවත් කරන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
මහ කොළඹ ජල හා අපජල කළමණාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන ව්‍යාපෘතිය මගින් සිදු කරන පැරණි ඛෙදා හැරීමේ පද්ධතිය විසන්ධි කිරීම මෙම ජල කප්පාදුවට හේතුවයි.