කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී දක්වන දුර්වලතාවලට එරෙහි විරෝධතා හමුවේ ටියුනීසියාවේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හැරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
රට තුළ සාමය ඇති කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා.
ඊයේ දිනයේදී ටියුනීසියාවේ ටියුනීස් අගනුවර ඇතුලු නගර ගණනාවක දැවැන්ත විරෝධතා පැවති අතර දහස් සංඛ්‍යාත පිරිසක් ඊට සහභාගී වී සිටියා.
ඔවුන් පාලක පක්ෂයේ කාර්යාල කිහිපයකටද පහරදී හානි සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
