රටට වසන්තය බලෙන් කැදවන්නට උත්සහ දරණ අමාත්‍යවරුන් හේතුවෙන් නැවත වරක් මෙරට තුල කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඔවුන් විසින් අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ අසීමිත ලෙස සංචාරකයින් මෙරටට ගෙන්වීම අවදානම් සහගත තත්වයක් බවයි.
එසේ කලහොත් තවත් මාස 3තින් නැවත වරක් මෙරට තුල කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවද ඔහු අවධාරණය කලා.
මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතේදී පාසල් දරුවන්ගේ එන්නත්නරණය ආරම්භ කිරීමේ ඇති ගැටලු සහගත තත්වයන් සම්බන්ධයෙන්ද රවී කුමුදේශ් මහතා අදහස් පළ කලා.