කොවිඩ් වසංගතය අපේක්ෂා කල මට්ටමට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
දිළිඳු රටවල් බහුතරයකට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීම මීට හේතුවයි.
ඒ අනුව ලබන වසර පුරාවටම ද කොවිඩ් වසංගතය පවතිනු ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළකරන්නේ.
මේ වනවිට අප්‍රිකානු මහද්වීපයේ ජනගහණයෙන් එන්නත් ලබාදී ඇත්තේ සියයට 05 කට පමණයි.
එහෙත් අනෙකුත් මහද්වීපවල එය සියයට 40 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ධනවත් රටවල් රැසක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් එක්රැස් කරගෙන සිටීමත් සංවර්ධනය වෙමින් පවතින රටවලට නිසි අන්දමින් එන්නත් නොලැබීමත් අනුමත කල නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලා.