කොවිඩ් වෛරසයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙකු සමීපව ඇසුරු කර ඇත්නම් හෝ මාස 03 ක් ඇතුළත විදෙස් සංචාරවල නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් මෙම ඉල්ලීම කරන බවයි මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කලේ.
ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 වසංගතය හමුවේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනුයි.
රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05 ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ.
එම ප්‍රතිඵලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නත් මාත්‍රාවක් ගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා නොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා කියාසිටියා.
