රෝහල්වල කොවිඩ් රෝගීන්ගේ තාවකාලික තදබදයක් පැවතියද මේ දක්වා රෝගීන් කළමණාකරනය කරගැනීමට නොහැකි තත්වයකට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.
ඇතැම් රෝහල්වල එළිමහනේ පවා කොවිඩ් ආසාදිත රෝගීන් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන වීඩියෝ පට සහ ඡායාරූප සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතරු දෙමිනුයි හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියේ.
ධාරිතාව ඉක්මවමින් රෝගීන් ඇතුලත් වුවහොත් ඕනෑම අවස්ථාවක හදිසි සැළසුම් ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම රෝහල්වල බළධාරින්ට උපදෙස් දී ඇති බවද හේමන්ත හේරත් මහතා කියා සිටියා.