කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රදවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල හරහා රෝගීන් වෙනුවෙන් දින 14ක කාලය තුළ වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දෙනවා.
නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් ආසාදිතයින්ට නිවසේ සිටම ශරීරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනබලා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද මෙම අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළා.