කොවිඩ් මර්දනය සෞඛ්‍ය අංශ වෙත භාරදෙන ලෙස රජයට බලකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මේවනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
මීට පෙර කොවිඩ් මර්දන ක්රියාදාමයේ ඉදිරිපෙළ සිටි එහෙත් විවිධ හේතුන් මත ස්ථානමාරු කර සිටින සෞඛ්‍ය ප්‍රධානින් යළි කොවිඩ් මර්දන රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසයි විරෝධතාවයට එක්ව සිටින මන්ත්‍රිවරුන් ඉල්ලා සිටින්නේ.
නලින් බණ්ඩාර – හෙක්ටර් අප්පුහාමි සහ මුජබර් රහුමාන් යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවට එක්ව සිටිනවා.