මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ අතරින් සියයට 99ක්ම කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් අය බව සෞඛ්‍ය ඇමතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
එන්නත්කරණ වැඩසටහන මගින් රජය බලාපොරොත්තු වන්නේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අඩුකරගැනීම බවයි අමාත්‍යවරිය අවධාරණය කරන්නේ.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක තොගය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවෙන් පසුව කටුනායක ගුවන්තොටුපලේදී අද මාධ්‍යයට අදහස් දක්වමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.