ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23 ක් වාර්තා වී තිබෙනවා.
වයස අවුරුදු 60 වැඩි 19 දෙනෙක් සහ වයස අවුරුදු 30 ත් 59ත් අතර 04 දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවී ඇති මුලූ කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 328 ක් දක්වා ඉහළ යනු ඇති.
අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 541 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 05 ලක්ෂ 63 දහස් 061 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8716 ක්. මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 10 දහස් 738 ක් සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 40 දහස් 040 දක්වා ඉහළ යනු ඇති.