කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අහෝසි කල යුතු බවට ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.
එම කාර්ය සාධක බලකායේදී තනි තීන්දු නොගැනෙන බවත් පාර්ශව රැසක අදහස් සළකා අවසන් තීන්දු ගැනෙන බවත් යුධ හමුදාපතිවරයා කියාසිටියා.
ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියාසිටියේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් අද සිට නිවාස තුළදී අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළකලා.
