කොවිඩ් වසංගතය පාලනය කරගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බවට විපක්ෂය එල්ල කරන චෝදනා පසුපස ඇත්තේ හුදෙක් දේශපාලන අරමුණු පමණක් බව ආණ්ඩුව පවසනවා.
වසංගතය සමග දේශපාලනයේ නියැලීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.
රටේ පවතින බරපතල ප්‍රශ්ණ හමුවේ ආණ්ඩුව අනුගමනය කරන නිහඩ පිළවෙත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහිදී මෙලෙස අදහස් පළ කලා.
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් ආරක්ෂා කිරීමට විපක්ෂයේ සාමාජිකයින් කටයුතු කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කලා.
එවැනි තත්වයක් මත රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තු විවාද ඉල්ලීම හාස්‍යයට කරුණක් බවයි ඔහු එහිදී අවධාරණය කලේ.
රටේ ප්‍රශ්ණ පිළිබද සෘජුව රාජ්‍ය නායකයින් දැනුවත් කරන තත්වයට අද ජනතාව පත්ව ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊයේ පාර්ලිමේන්තු සභාව අමතමින් පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට නැවත රැස්වීමට නියමිතයි.