කොවිඩ් වසංගය හේතුවෙන් සීමා දමා වසාදමා ඇති ලෝකය තවත් මාස කිහිපයකින් විවෘත කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කෙසේවෙතත් ලෝකය තුල ඇති සහ නැති යනුවෙන් සමාජ කණ්ඩායම් දෙකක් ජීවත්වන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධාන බළධාරීන් පවසන්නේ ඇති හෙවත් ධනවත් සමාජ කණ්ඩායමේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් නැති හෙවත් පීඩිත සමාජ කණ්ඩායම් තව තවත් පීඩාවට පත්වන බවයි.
එය කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශාල බලපෑමක් සිදුකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගෝලීය කොරෝනා වසංගතයේ නවතම තත්වය පැහැදිලි කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් මහතා මේ බව සදහන් කලා.