කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කල බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසනවා.
ඒ අනුව එම ඉගෙනුම් පාඩුව සති විස්සක් තුළ සම්පූර්ණ කිරීමට ඔවුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම මෙම අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ අත්‍යාවශ්‍ය කාරණා පමණක් එම සති 20 තුළ ඉගැන්වීමට ද ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවත් එය නොවැම්බර් මස සිට ක්‍රියාවට නංවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි සුනිල් ජයන්ත නවරත්න මහතා මෙම අදහස් පළ කලේ.