පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලූම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාව සඳහා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ නිලධාරීන් කිහිපදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගැනීම හේතුවෙනුයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කලේ කාර්යාල වසා තිබුණ ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලූම අයදුම්කරුවන්ට නියමිත දිනයට හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බවයි.
විභාග, සම්මුඛ පරීක්ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි අවශ්‍යතා සඳහා හැදුනුම්පත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කලා. ඒ සඳහා සතියේ දිනවලදී පළාත් කාර්යාල අමතන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.