කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති මූල්‍ය සහන නියෝග නොපිළිපදින බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමු වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් වන ප්‍රශ්ණ කිහිපයක් ආණ්ඩුවේ බළධාරින් වෙත යොමු කිරීමත් සමගයි.
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ලබාගෙන ඇති ණය මුදල් සදහා වන වාරික මුදල් අය කර ගැනීමේදී රජය ලබාදී ඇති සහන කාලය ජනතාවට ලබා නොදීම සහ ණය වාරික ලබා ගැනීම සදහා තර්ජනය කිරීමේ සිදුවීම් වාර්තා වන බවත් කල්බදු සහ ලීසිං සමාගම් විසින් එම සහන කාල සීමාව ආවරණය කිරීම සදහා අධික පොලී අනුපාතිකයක් යටතේ නැවතත් ණය මුදලක් ලබාගැනීම සදහා ජනතාවට බල කරමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්ත-ුවේදි අද සදහන් කලා.
එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් වාරික පැහැර හැර ඇති ලීසිං ගිණුම් වලට අදාල වාහන බලහත්කාරකම් යොදවාගනිමින් නැවත අත්පත්කරගනිමින් පවතින බවද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරා.
සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිරුතුරු අපේක්ෂාවෙන් යොමුකල මෙම ගැටලු සදහා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමින් සමෘද්ධි කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටයේ ඉදිරි අයවැය ලේඛණයෙන් මේ සදහා සුබවාදී පිළිතුරුක් බලාපොරොත්තු විය හැකි බවයි.
https://youtu.be/5jlnmkhWLeY